දෙව්දුවයි_නුඹ
©කතෘ අවසරයකින් තොරව මෙහි අඩංගු කිසිවක් උපුටා ගැනීම, වෙනත් මාධ්‍යයන්හි (වට්ස්ඇප්, වයිබර්, ටෙලිග්‍රැම්, හෙලකුරු ආදී කිසිදු මාධ්‍යයක), ෆේස්බුක් සමූහ වල පල කිරීම හෝ සම්පුර්ණයෙන් තහනම්. 🚫🚫🚫🚫
03 Episode
නිම්නා බලා සිටියේ අහස්‍යාව සාමාන්‍ය කුටියකට දමන තුරුයි..
එදින සවස් වන විට ඇයව සාමාන්‍ය කුටියකට දමද්දි නිම්නා සැනින් දිව ගියේ ඇය වෙතයි..
ඈ නිසොල්මනේ වැතිර සිටියේ කිසිදු වගක් නොමැතිවාක් මෙනි.
මැනික.... ඉක්මන්ට නැගිටලා චූටි අම්මි කියනකන් මන් බලාගෙන ඉන්නව රත්තරන්... අනේ මැනික...
මේ අතරතුර ආවේ කේශ්....
නිම්...
අයියේ...
කොහොමද එයාට..?
සිහිය ආවෙ නෑ තාම.. ඒත් ඩොක්ටර් කිව්වා ඉක්මන්ටම සිහිය එයි කියලා.
හ්ම්.. ආශ්ටත් තාම සිහිය ආවේ නෑ.. ඔයා ගෙදර ගිහං ටිකක් රෙස්ට් කරලා පුතා ගැනත් බලලා එන්නකෝ නංගි.. යන්න..
අනේ අයියා..
දැන් දෙන්නම රිස්කි සිටුවේෂන් එකක නෙවෙයි නේ ඉන්නේ.. හවස් වෙලා එන්නකෝ.. යන්න.. දරුවත් පව්නේ. ඒ අහිංසකයට මේ මුකුත් තේරෙන්නෙත් නෑ නේ නංගි.. යන්න කියනදේ අහලා. අහස්‍යා ලඟ ඉඳීවි අපේ නංගි. මං ආශ් ගාව ඉන්නවා..
හ්ම්...
අකමැත්තෙන් උනත් නිම්නා පිටව ගියේ ආශ්වත් බලලා.
✼✼✼✼✼✼✼✼✼✼✼✼✼✼✼✽✼✽✽✽✽
මධ්‍යම රාත්‍රිය එලැබී වැඩි වෙලාවක් යන්නට මත්තෙන් ආකාශ් සිහිය ලබද්දි ඔහු අසල දුරකතනය සමග කාර්යබහුලව උන්නේ කේශ්...
පන......
එක්වරම පෙර සියල්ල දෑස් ඉදිරියේ සිතුවම් පටයක් ලෙස මැවෙද්දි කෑ ගසාගෙනම රෝහල් සයනයෙන් පැන්නේ සිය නැගනිය වෙත යන්නයි..
මචන්.... ආශ්... ඒ... පිස්සු කෙලින්න එපා හරකෝ...
ම..මගේ... මගේ පන...
වාඩි වෙයන්...කෙල්ලට අවුලක් නෑ... එයා දැන් නෝමල් වෙලා ඉන්නේ.. තාම සිහිය ආවෙ නෑ. නෝමල් රූම් එකකටත් දාලා තියෙන්නේ.
බො...බොරු...
නෑ බං... අපේ නංගියි නිම්නයි ඉන්නේ නංගි ගාව..
මට...මට එයාව බලන්න ඕන... එක්ක පලයන් මාව..
හිටපන් ඉතිං... ඩොක්ටර් උඹව චෙක් කරනකන්..
බෑ...
මේ... මගේ යකා අවුස්සන්නේ නැතුව ඉඳගනින් මෙතනින්..
කේශ් ආකාශ්ට සැර කරලා වෛද්‍යවරයෙක් කැඳෙව්වා.
අනතුරුව දෙදෙනාම සිටියේ අහස්‍යාගේ රෝහල් කාමරය අසල..
මගේ මැනික....
ආකාශ් ගිය ගමන්ම කලේ ඇගේ මුව දෝතට ගෙන ඒ මුව මත සිපුමන් තැවරීම...
බලාසිටියවුන්ගේ දෙනෙත් මත පොරකන කඳුළු පොකුරකි...
මගේ පන.... ආදරෙයි මගේ මැනිකට.. හැමදාම මං ලඟ හිටපන් මැනික... මාව දාලා යන්න හිතන්නවත් එපා...
ඒ මොහොතේ පටන් ඔහු සිටියේම ඈ අසලයි... එක් මොහොතකට හෝ ඈ අසලින් ඉවතට නොයා..
ඉන් දෙදිනකට පසු ඈ සිහි ලැබුවේ..
ව්‍යාපාර කටයුතු අඩාල වන්නට නොදී පවත්වාගෙන යන්නට නිම්නා ගත්තේ මහත් වෙහෙසක්. ඔවුන්ගේ කලමනාකරුවන් හා අධ්‍යක්ෂකවරුන් හා එක්ව කටයුතු කලා..
වෛද්‍යවරු පැවසුවේ ඇයට නැවතත් ඇවිදින්නට නොහැකි බව. ඉනෙන් පහල අක්‍රීය වී ඇති බව. ඒ වදන් හිස තුල දෝංකාර දෙන සෑම මොහොතකම ආකාශ්ට දැනුනේ පන පිටින් පිලිස්සෙනවා වැනි හැඟිමක්...
සිහි ලබා සිව් දිනක් ගතවන විට ඇය සාමාන්‍ය තත්ත්වයට පත් වුනත් ආකාශ් මෙන්ම අන් අයත් සිටියේ අපහසුවෙන්.. කෙසේද ඇයට පවසන්නේ ඇගේ තත්ත්වය?
අයියා.....
මැනික....
ඇයි ඔයා දුකින් ඉන්නේ?
එහෙම නෑ මැනික.. අයියට දුකයි... මගේ මැනිකව මෙහෙම දකින්න.. ඒත් දැං මගේ මැනිකට හොඳයිනේ... ඉතිං මට සතුටුයි...
ඈ ඒ වදන් සමගම සිය සයනය මත හිඳගෙන සිටි ඔහුගේ බඳ වටා දෑත යවා තුරුල් වුනේ ආකාශ් අපහසුවෙන් සිය කඳුළු සඟවා ගනිද්දි.
අයියා...
ම්ම්....
මට කවදාවත්ම ආයේ ඇවිදින්න බැරිද?
ඈ ඒ ඇසූ වදන්....
මැ...මැනික...
මං දන්නවා... මට මගේ කකුල් දෙක දැනෙන්නේ නෑ අයියා... මට නර්ස් කියනවා ඇහුනා...
අනේ මගේ රත්තරන්.....
සිය තුරුලේ හඬා වැටෙනා ඇගේ කඳුළු ඒ හිත පාරවා දැමුවේ ස්වල්පයක් නොවේ...
අයියා ඉන්නවනේ මගේ පනට... මං..මං මගේ මැනිකව සනීප කරනවා මේ ලෝකේ කොහේට හරි අරගෙන ගිහිං.. ඒ නැතත්... මගේ අන්තිම හුස්ම යනකන්ම මං මගේ මැනිකව බලාගන්නවා රත්තරනේ...
කමක් නෑ... මගේ අයියා ඉන්නකන් මං මොකකටවත් බය වෙන්නේ නෑ...
ඇයද හඬා වැටෙමින්ම ශක්තිමත්ව පැවසුවේ නිම්නාද ඈ වෙත තුරුළු වද්දි...
චූටි අම්මි.... මාව වදයක්ද?
මොනවද රත්තරන් මේ අහන්නේ... මගේ දඟෙ නැතුව මං හරි පාළුවෙන් හිටියේ..... දැං හරි... පිස්සු හිතන්නේ නැතුව ඉන්න හරිද?
හ්ම්....
කෝ.... මගේ හොට්ටි...
අනේ... හොටු නෑ... කඳුළු විතරයි...
හ්ම්...
ඉතින් ඇය කුඩා වුනත් ශක්තිමත් සිතැත්තියක්.. කෙසේද තම දෙපයින් නැවතත් නැගීසිටින්නට නොහැකි බව දැන දැනත් මෙලෙස හිඳින්නේ..
අයියා...
මොකෝ...
තවමත් ඔහු තුරුලේ ඉන්නා ඇගේ හිස මත අතැගිලි එහෙ මෙහෙ කරමින් ඔහු ඇසුවේ ඇගේ හිස මත සිපුමක්ද තබමින්..
මාව දැන් ගෙදර එක්ක යන්නකෝ...
ම්ම්ම්... මේකනේ මැනික.. ඔයා මාස එකහමාරක්ම හිටියේ සිහිය නැතුවනේ.. අනික ගොඩාක් ලොකු ඇක්සිඩන්ට් එකක් වුනේ.. ඒ නිසා තව ටික දවසක් ඉමු?
අනේ.... මාව එක්ක යන්නකෝ...
හරි..හරි.. මං ඩොක්ටර්ගෙන් අහන්නන්කෝ..ම්ම්ම්..
කෝ... කෝ ඉතිං හොටුච්චි..
අනේ.... චූටි අම්මි... බලන්නකෝ....
ආශ් මේ... මගේ සුදුට එක එක ඒවා කියන්න එපා..
හපෝ හරි හරි... කෝලම... මේ ඒක නෙවෙයි.. දැන් මේ ඉන්න දෙන්නව දන්නවද?
ම්හු.....
මේ කේශ් අයියා... මතකද මගේ යාළුවා.. අර පොඩි කාලේ ඉඳලම ඔයා වලි දාන්නේ..
හෑ..........
කෙල්ල ආකාශ්ගේ මූණ බැලුවේ ඇස් දෙකත් ලොකු කරගෙන
හ්ම්... එයා තමා.. එතකොට අර ඉන්නේ එයාගේ නංගි.. මතකද විශ්නි අක්කා.. ම්ම්...
ඕ....
මගේ කෝලම.. එහෙනං හරි... කෝ දැන් අපි මොනාහරි කමු.. ම්ම්..
හා...
ආකාශ් ඇයට ඇය ආසම විදියට නිම් හදාගෙන ආව ඉඳිආප්ප එක්ක චිකන් කරිත් පොල් සම්බෝලත් අනලා කැව්වා..
ඇයටම සියල්ල කවලා බෙහෙතුත් පොවලා ආකාශ්, කේශ් එක්ක එලියට ගියා..
මචන්... කියපන් බන්.. අරුන් මොනාද කිව්වේ..
ඒක ටිකක් දිග කතාවක් බං.. යමන් එලියට..
හ්ම්...
දෙදෙනාම නැවතුනේ බීච් එකේ..
කොතනින්ද පටන් ගන්නේ...
එදා නවත්තපු තැනින්...
හ්ම්... රදීව් ලංකාවට ආවම තමා දැනගන්නේ අහස්‍යා ගැන. කෙල්ලව දැක්කම උට ආසාවක් ඇති වෙලා. ඉතිං ඌත් අප්පට එකඟ වෙලා. මුලින් ටීනා ගැන උගේ මහ එකා දැනගෙන ඉඳලා නෑ. ඒත් මූ නංගිට අහුවුනා වගේ දවසක් උටත් අහුවෙලා..
ඊට පස්සේ දෙන්නටම උඹලගේ දේපල වලට ආසාවක් ඇතිවෙලා. ඒක නිසා ටීනා ඉද්දිම නංගිව මැරි කරලා දේපල ලියාගෙන කෙල්ලව අතාරින්න තමයි ප්ලෑන් ගහල තියෙන්නේ. ඒත් එදා අහම්බෙන් මූව නංගිට අහුවෙලා තියෙන්නේ..
ඊට පස්සේ..
මූ ඊටපස්සේ කෙල්ලගේ පස්සෙන් ගිහිං. ඒත් කෙල්ල ඇරලා දාලා ගියාලු. එපාර මු කෙල්ලව ෆලෝ කරලා. ඒ අතරෙම ඌ දන්න එකෙක්ට කියල තමා කන්ටේනර් එක ගෙන්නගෙන තියෙන්නේ. තව කොල්ලෙක් ලවා කාර් එකේ බ්රේක් ඩවුන් කරවලා අර ෆාමසි එකට යන්න නවත්තපු වෙලේ.
ෆාමසි එකේ සෙනග ඉඳලා තියෙනවා. කෙල්ල ඒක නිසා සෑහෙන්න වෙලා ෆාමසි එක ඇතුලේ ඉඳලා තියෙනවා. ඒක cctv වලත් තිබ්බා බන්. ඒත් අවාසනාවට ඒ කැම් එක තිබ්බ හැටියට කාර් එක නවත්තල තිබ්බ එක පේන්නේ නෑ ඇක්සිඩන්ට් එක ඒකෙ තිබ්බට. උඹත් දැක්කානේ ඒක. පස්සෙ කෙල්ල වාහනේ පාරට දානකොටමයි පිටිපස්සෙන් කන්ටේනර් එක එන්නේ. බ්රේක් ගැහුවට වැඩක් නෑනේ බන්. ඒකයි වෙලා තියෙන්නේ.
මේක හොයාගන්නත් මෙච්චර කල් ගියේ කිසිම සාක්ෂියක් නොතිබ්බ නිසා. සාක්ෂි දෙන්න හිටපු එකම කෙනත් සිහි නැතුවනේ හිටියේ. මන් රදීව්ගේ පස්සෙ එලවල එලවලා තමා ටිකක් හොයා ගත්තේ. ඊට පස්සේ ඉතිං එතන කැරකිලා තමා ඇහින් දැකපු හිඟන මනුස්සයෙක්ගෙන් දැනගත්තේ බ්‍රේ්ක් ඩවුන් සිද්ධිය.
මචන්... මෙච්චර දෙයක්...
හ්ම්... දේපල සල්ලි වෙනුවෙන්..
අනේ මගේ මැනිකව මං ලඟම තියාගන්නව. ආයෙ කාටවත් දෙන්නේ නෑ.
මචං... ඒක ප්‍රැක්ටිකල් නෑ බං. හැමදාම උඹට නංගිව බලාගන්න බෑ නේ බං. උඹ නැති දවසක?
මැරෙනකන්ම මම එයාව බලාගන්නව. අපේ පුතා බලාගනියි එයාගේ නැන්දිව..
මචං... හරි හරි.. ඕන එකක්..... යමන් දැන්..
ඊට සතියකට පසුව අහස්‍යාව ගෙදර එක්කගෙන යන්න වෛද්‍යවරුන් අවසර දුන්නා..
කෙල්ලව ගෙදර ගෙනත් ඇයව ඇඳෙන් තියලා ආකාශ් එලියට ගියේ තම හැඟිම් සඟවගන්න කියලා කේශ්ට හිතුනා..
මචං...
කේශ්ගේ හඬ ඇහුණ ගමන් ආකාශ් තමන්ගේ දෙනෙත් පිසදා ගත්තා..
මගෙන් හංගන්න හැදුවට මං දැකල ඉවරයි බං...
මට.. මට මේක දරාගන්න බෑ බං.. උපන් දා ඉඳල මේ වෙනකන්ම ඒකිව මං රැක්කේ මගේ ඇස් දෙක වගේ. මං මගේම ලෙයින් ඉපදිච්ච දරුවටත් වඩා මගේ මැනිකට ආදරෙයි බං. ඒකි මගේ මේ ඇඟිල්ලෙ එල්ලිලා ඇවිදින්න ගත්තේ බං.. ලොකු වෙලත් මගේ අතේ එල්ලිලා එහෙ මෙහෙ යන්න ආසයි ඒකි. දඟමල්ලක්.. හැම තිස්සෙම කෑ ගගහ හිනාවෙවී රණ්ඩු වෙවී දඟකරා.. කවදාවත් අම්මාගේ තාත්තගේ අඩුව දැනේනන දුන්නේ නෑ මං.. අසනීපයක් උනාම මගේ අස්සෙමයි.. මට එයා ලඟින් යන්න දෙන්නේ නෑ.. ලොකු ලමයෙක් උනා කියලා ඒකිට හැමදේම කියලා දුන්නේ මම යකෝ... ඒකිගේ හැමදේම කිව්වේ මට. වෙන කෙල්ලො තමන්ගේ අම්මට හරි අක්කට හරි කියද්දි මගේ පන හැමදේම කිව්වේ මට. එයා ඒකට ලැජ්ජා වුනේ නෑ බං. නිම්ට කියන්නත් මුලදි ලැජ්ජයි. ඒකත් මට කියල තමා නිම්ට කියවන්නේ. ඒකිගේ හැමදේම දන්නේ මං.. මාත් හැමදේම කිව්වේ මගේ පනට.. මොකද අපිට අපි විතරයි බන් හිටියේ.. මගේ අතේ එල්ලිලා ඇවිද්ද මගේ මැනිකට ආයෙ කවදාවත්ම ඇවිදින්න බැරිලු... අනේ මාත් එක්ක හැමතැනම දුව දුව මේ මහ විසාල ගෙදර දෙක කරපු මගේ මැනිකව මට ආයෙත් කවදද දකින්න ලැබෙන්නේ බං...
අම්මියි තාත්තියි සීයයි මට සාප තියනව ඇති.. එයාලගේ පුංචි සුරංගනාවිව හරියට බලාගත්තේ නෑ කියලා..
නපුරු දඩබ්බර කේශ්ගෙ ඇස් වලත් දිලිසුනේ කඳුළු..
මචං ආශ්... මට උඹව හොඳට තේරෙනවා බං.. මාත් අයියෙක්.. ඒත් මට වඩා උඹ අඹේ නංගිට ලඟයි කියලත් මං දන්නවා. ඒ තරම් ආදරෙන් පරිස්සම් කරපු කෙල්ලට එහෙම උන එක උඹට දැනෙන විදිය මට හිතාගන්න පුළුවන් බං.. මොකද මගේ එකීට එහෙම වුනා නං මං එකව පෙති ගහනවා. මට පිස්සු හැදෙයි බං.
හ්ම්...
මචං.. රට ගෙනිහිල්ලවත් නංගිව සනීප කරගන්න බැරිද බං?
මන් රිපෝට් එක යැව්වා බන් රටවල් දෙක තුනකටම. බලමු.. එහෙං හොඳ රෙස්පොන්ස් එකක් ලැබෙයි කියල මං හිතනව..
බලාපොරොත්තු නැති කරගන්න එපා බං. බලාපොරොත්තු මිනිස්සුන්ව ජීවත් කරවනවා.
හ්ම්.. මගේ මැනික සනීප වුනොත් මට ඇති. ඒත්... මෙහෙම හරි එයා මං ලඟ ඉන්නවනේ බං. මට ඒකත් ලොකු දෙයක්.
හ්ම්... ඒක තමයි.. අපිත් ඉන්නවනේ බං.. උඹ තනිවෙලා කියලා හිතන්න එපා..
ම්... මේ.. ඒක නෙවෙයි.. දැන් ඩී අයි ජී නේ.. උඹ කවද්ද මෙහෙට ආවේ?
අහස්‍යාගේ ඇක්සිඩන්ට් එක වෙද්දි මං ඇවිත් සතියක් බං. එතකොට හරියට සෙට්ල් වෙලත් නෑ.
හ්ම්.. දැන් කොහෙද ඉන්නේ? අම්මලත් ආවානේ?
එයාලා ආවා බං. මං එයාලා එක්ක නෙවෙයි ඉන්නේ. ක්වාටස් වල.
ඒ මොකද ඒ?
නෑ බං... ආවෙ ස්පෙෂල් මිෂන් එකකුත් එක්ක. ඉතිං එයාලට කරදරයක් වෙයි කියල බය හිතුනා. ඒකයි එයාලව පැත්තකට කලේ.
හ්ම්... ඒකත් ඇත්ත..
අයියේ....
ආහ්... ඇයි?
මං මෙහෙ නිතර ආවට කමක් නැද්ද?
අපෝ එන්න... කව්රුත් එපා කියන්නේ නෑ. ඔයාගෙ මේ අයියණ්ඩි කිව්වොත් ඇරෙන්න.
පලයං බං.. මං එහෙම කියන්නේ නෑ කියල උඹ දන්නවනේ..
ආකාශ්ගේ පිටටත් පහරක් ගහලා කේශ් කියද්දි විශ්නි හිනා වුනා..
ඔයා එන්න චූටි.. කොහොමත් අහස්‍යාට ඒක හොඳ වෙයි.
ඒක ඇත්ත නංගි.. නැත්නම් මගේ පන කල්පනා කරන්න ගනී.
ඒක තමා අයියා මං එන්න හැදුවේ .
ඔව් ඉතිං තමුසෙත් ගෙදරට වෙලා නිකන් කකා බිබී ඉන්න එකනේ.
අනේ මේ තමුසෙ ඉන්නවකෝ පාඩුවේ..
දිනෙන් දින ගෙවී ගොස් මසක් ඉක්ම ගියා...
ආකාශ් සිටියේ දරාගත හැකි මට්ටමක නොවෙයි. මේ අතරතුර රදීව්ට එරෙහිව කල පැමිණිල්ලට අනුව නඩුවක් ගොනු කිරීමත් සිදු වුනා.
එම නඩුව කැඳවීමට සිතාසි ලැබුනේ අදයි.
ආශ්... අපි සුදුව එක්ක යන්න ඕනද?
හ්ම්... ඒක කේශ්ගෙනුයි ලෝයර්ගෙනුයි අහමු. මගේ පොඩි එකීව උසාවි ගානේ රස්තියාදු කරන්න බෑ නිම්.. ඒත් බලමුකෝ...
හ්ම්... මාත් කැමති නෑ..
කෝ...?
රූම් එකේ... පුතා එයා ලඟ
හ්ම්... කාමරේම තියන්නේ නැතුව එලියට ගන්න ඕන.. මේ ප්‍රශ්න ඉවර උනාම කොහේ හරි යන් කට්ටියම..
ඒක හොඳයි. නැත්නං එයා කල්පනා කරලම ලෙඩක් හදාගන්නවා.
නිම්.. නිතර එයා එක්කම ඉන්න.. එයාව තනි කරන්න එපා බබා..
හ්ම්.. ඔයා ඒ ගැන බය වෙන්න එපා ආශ්.. විශ්නිත් එනවනේ නිතරම. අනික පවනිත් එනවා..
හ්ම්... යමුකෝ...
ආශ් ගියේ අහස්‍යා හිටපු කාමරයට...
මගේ පන....
ඔහු යද්දි අහස්‍යා පුංචි පුතුව ඇඳ මත හුරතල් කරනවා....
අයියා....
මොකද කරන්නේ මගේ දඟමළු දෙක?
අපි සෙල්ලම් කරනවා නේද චෑම්ප්....
පුංචි පුතුත් අහස්‍යාට පුදුම තරම් කිට්ටුයි..
මැනික... පහලට යමු... ලන්ච් එක ගන්න ඕනනේ?
හා... අහස්‍යා පුතුව නිම් අතට දුන්නා. ආකාශ් ඇයව සිය දෝතට ගත්තා...
නිම්.... මගේ පන කන්නේ නැද්ද මම නැති වෙලාවට?
ආශ්...?
බර අඩුවෙලා මගේ මැනික...
කනවා හොරයි තමා ආශ්.. බලෙන් කවන්නේ..
ඇයි කිව්වේ නැත්තේ..?
චූටි අම්මිට බනින්න එපා.... මමනේ කෑවෙ නැත්තේ...
ඇයි මැනික ඒ?
ඔයා පවුනේ... හැමදාම මාව උස්සගෙන යනවනේ... මම බර වුනාම...
කෙල්ල ආකාශ්ගෙන් නෙතු සඟවාගෙන හඬන්නට ලන්ව කිවූ දෙයින් ආකාශ්ට දැනුනේ තම අහිංසකිය ගැන දුකක්...
මගේ පන... මොනවද මේ කියවන්නේ.... මට උඹව බරක් නෙවෙයි දෙයියනේ... කව්ද මේ මනස්ගාත ඔළුවට දැම්මේ? ආ?
කව්රුත් නෑ..
උඹ මෙහෙම හරි මගේ ලඟ ඉන්න එක තරම් මට වෙන මුකුත්ම වටින්නේ නෑ. අනික උඹව පුංචි කාලේ ඉදලම බලාගත්ත මට උඹව කවදාවත් බරක් නෙවෙයි.. මෙහෙම නෙවෙයි... මීට වඩා දුරක්, ඕන තරම් දුරක් මගේ මැනිකව අරං යන්න මේ අත් දෙකට හයිය තියෙනවා.. තේරුනාද? ආයෙ කවදාවත් ඒ වගෙ මෝඩ දේවල් හිතලා කරලා මාව කේන්තිගස්සන්න එපා.
ආකාශ් කිව්වේ කෑම මේසයේ පුටුව මතින් ඇයව හිඳුවල ඒ දෑස් දෙසම බලාගෙනයි.
දැන් එන්න.. මම කවන්න..
නිම්.. මීට පස්සේ මම හැමදාම ලන්ච් එකට ගෙදර එනවා.
හරි ආශ්... දැං හරිද පන්ඩිත ආච්චිට.. මං කිව්වමනේ කන්න බැරි.. හොඳ වැඩේ...
කෙල්ල හතර අතට ඔරව ඔරව ඉද්දි ආකාශ්ට නං හිනා..
කෝ... මෙහෙ බලනවා...
කෙල්ල ආකාශ් අතේ තිබ්බ පිඟාන දැක්ක ගමන් මූණ බෙරි කරගත්තා..
අනේ.... මට බෑ... මං කරවිල කන්නෙත් නෑ.. අනික ඔච්චර කන්න බෑ....
මේ මේ... මගේ යකා අවුස්සගන්න එපා බබා.. නොකන ඒවා කවන හැටි මම බලාගන්නං..
බොරු කේන්තියක් මවාගෙන ආකාශ් කෙල්ලට කියද්දි කෙල්ල ආකාශ්ටත් ඔරවනවා..
ඔය එරෙව්වා ඇති.
කොහොම හරි ආකාශ් කෙල්ලගේ එරවිලි සතපහකට ගනන් ගන්නේ නැතුව ඔක්කොම ටික කවලා ඉවර වෙනකන් තව දෙන්නෙක් පැත්තකට වෙලා බලන් හිටියා.
ඔය කෑවෙ යසට... කන්න බෑ කිය කිය බොරුවට කෑ ගැහුවට.
ආකාශ් කිව්වේ කෙල්ලට හිනාවෙවී..
නපුරා...
හාකෝ හාකො සීනි බෝලේ..
තොපි දෙන්නගේ අනිමිසලෝචනේ ඉවරද? වරෙන් වරෙන්..
ඒ එක්කම ආකාශ් කියද්දි දෙන්නගේ පිටිපස්සට වෙලා බලන් හිටිය විශ්නියි කේශ්නුයි ඉස්සරහට ආවෙ හිනා වෙවී..
දෙන්නම කාලද ඉන්නේ?
ඔව් අයියා.. මං නං කාලා ආවේ.. මේ මෝඩයා නං කෑවෙ නෑ..
ආහ්.. එහෙනං වරෙන් කන්න...
කේශ්නුත් මේසෙට වාඩිවෙලා ආකාශ් එක්කම කන්න ගත්තා. ඒ අතරෙදි අහස්‍යා විශ්නි එක්ක එලියට ආවා හිමීට...
කෙල්ලට පාළුයිද?
හ්ම්...
කොහේ හරි යං....
දැං?
ඕ...
කොහොමද යන්නේ? මට යන්න බෑනේ...
කෙල්ල කිව්වේ ඇස්වල කඳුළු පුරවන්...
අයියෝ... ඒ ටිකට ඇස්වල කඳුළු පුරවන්නේ... අපේ අයියා ඉන්නේ.. ආකාශ් අයියට අද මීටින් එකක්ලුනේ..
ඔව්...
ඒකනේ.. අපි යං.. අයියා එක්කන් යයි...
අනේ... මං නිසා ඔයාලට කරදරයි...
පිස්සු කෙල්ල. දැං කව්රුහරි එහෙම කිව්වද?
නෑ ...
එහෙනං?
හිතුනා..
ඔනෑවට වඩා හිතන්න එපා බං..
බං...?
හී.... ෆිට් එකට මෙයා..
ඒකත් ෂෝක්..
ඒකනේ.. මේ... එහෙනං යං හොඳේ...
අයියගෙන් අහමු?
හාකො හාකො එහෙනං... අයියා එපා කියන්නෑ..
දෙන්න කතා කර කර ඉද්දි එතනට ආවෙ ආකාශ් එක්ක කේශ්...
මොකෝ දෙන්න එක්ක සතරකන්මන්ත්‍රණය.. සිරියාවට බෝම්බයක්වත් අතාරින්නද?
කේශ් ඇහුවේ විශ්නිගේ ඔළුවටත් පාරක් ගහන ගමන්..
අනේ මේ.. සිරියාවට බෝම්බ ගහන වෙලේ මං බෝම්බයක් ගහනව අර තමුසෙගේ රාජ භවනට කොයිවෙලේ හරි..
ඒ මොකද්ද නංගි ඒ භවන?
වෙන මොකද්ද ආශ් අයියේ මෙයාගේ අර පොලිස් බංගලාව.. නිකමට අපිව එක්ක ගියේ නෑ ඒ ගෙදරට. එන්නත් එපාලු.
විශ්නි කිව්වේ කේශ්ටත් ඔරවලා.
අනේ මේ.. තමුසෙ නං එන්න එපා ඒ පැත්ත පලාතේ..
එන්නෙත් නෑ.. ඒක නෙවෙයි ආශ් අයියේ... අපි දෙන්නා මේ කතා වුනේ බීච් යං කියලා...
තනියම?
පිස්සුද අප්පා.. මේ ඉන්නේ අලිමස් කාලා හැදිච්ච තලපතෙක්...
මේ...
හරි හරි සුදු අයියේ... අපි යං නේ.... හා නේ....
ඒත් නංගි මගේ මැනික....
අයියෝ... ඩෝන්ට් වොරි අනේ... අපි දෙන්න එයාව බලාගන්නං... තනියට ඕන්නං මගේ වෙන්ඩ හබී කොල්ලටත් එන්න කියන්නං... හරිනේ... එයත් මේ වගේම තලපතෙක් නේ.. පොලිස් කාක්කෝ...
පොලිස් කාක්කෝ නං මොකද දන්නෑ උට ලව් කරන්නේ...
එහෙම තමා ඉතිං.. කාක්කා උනත් මගේනේ...
විශ්නි කේශ්ටත් විරිත්තලා කිව්වේ ආකාශ්නුයි අහස්යයිත් හිනාවෙවී බලන් ඉද්දි..
මේ.. එහෙනං කන්ෆර්ම් නේ... මේ ආශ් අයියේ... අහසිව රූම් එකට ගෙනිහිං දෙන්නකෝ.. මං මෙයාව ලෑස්ති කරන්නං...
ආශ් අහස්‍යා දිහත් බලලා කෙල්ලව දෝතට අරගෙන ඇගේ කාමරයට ගෙනිහිං වොෂ්රූම් එකෙන්ම තිබ්බා.
කෙල්ලගේ පහසුවට ඇතුලත පොඩි පුටුවක් තබලා තිබුනා.
විශ්නි කෙල්ලට සෝදගන්න උදව් කරලා ඇඟත් පිහිදාලා ටවල් එකෙන් එතුවා.
කෙල්ලව සෝදන අතරේ තමයි ඔෆිස් එකෙන් කෝල් එකක් ආවේ ආකාශ්ට...
ආකාශ් කෝල් එකෙන් පස්සේ බැලුවේ වොෂ්රූම් එක දිහා...
උඹ අවුලක් ගන්නේ නැත්නං මං නංගිව ගෙනත් තියන්නං...
මචං...
උඹේ අවුලක් නැත්නං විතරයි.. මං එහෙ..
නෑ බං.. මං උඹව දන්නවා.. අවුලක් නෑ බං.. හැබැයි මගේ යක්ෂ පැටික්කි මොනා කරයිද දන්නෑ...
හපෝ.. ඒ යකින්නි ගැන මං බලාගන්නං..
කේශ්නුත් හිනාවෙවීම කියද්දි ආකාශ් පිටවෙලා ගියේ කෙල්ලගේ වගකීම කේශ්ට පවරලා..
පිරිසිදු වෙලා ඉවර උනාම විශ්නි ආවේ ආකාශ් හොයාගෙන.. ඒත් ආකාශ් නැති බව කියලා කේශ් ඇතුලට ගියේ කෙල්ලව ගන්න..
ඒයි.... ඔ... ඔයා... යනවාකෝ...
ඒයි මැන්ටලේ.. අයියා මීටින් එකට ගියා.. මං තමුසෙව රේප් කරන්න ආවේ නෑ හලෝ... දඟලන්නෙ නැතුව ඉන්නවා. මං රූම් එකෙන් තියලා යනවා වාතේ..
විශ්නි නං හිනා වෙනවා...
කෙල්ල කේශ්ට ඔරව ඔරව ඉඳලා කේශ් බලද්දිම අහක බලාගත්තා..
ඔන්න... මේ නංගි, මෙයාව ලෑස්ති කරලා කතා කරනවා.
හා හා.. තමුසෙ යනවකෝ...
යනව තමයි ඉතිං.. මං පැලවෙන්න ආවෙ නෑ..
කේශ්නුත් ඔරවගෙනම කියලා ගියේ දොරත් වහගෙන..
වඳුරු මොටා...
අනේ අනේ පිස්සි...
ඔයාට කොහොමද අප්පා ඒ වගේ මොට්ට අයියෙක් ඉන්නේ..
කෙල්ල ඒත් බනිනව කේශ්ට..
ඇති බං.. ඕකට පිස්සු.. ගනන් ගන්න එපා. අපිව අවුස්සලා එයා ආතල් ගන්නවා.. බොරු පුස්පාට් ඔක්කොම ඉවරයි අම්මා ලොකූ කිව්ව ගමන්.
දෙන්න එක්ක හිනාවෙවී ලෑස්ති වෙලා ඉවර වුනාම විශ්නි කේශ්ට කතා කලා..
මෙතරම් කාලයක් ආකාශ්ගේ දෑතට පමණක් හුරුවෙලා උන්නු කෙල්ලට අමුතුයි කේශ්ගේ ලංවීම. මොකද රදීව් එක්ක එෆෙයාර් එකක් තිබ්බත් කවදාවත් කෙල්ල රදීව්ට තමන්ව එහෙම ස්පර්ශ කරන්න දුන්නේ නැහැ.
යමු...
කෙල්ලව පරිස්සමට තමන්ගේ සුවපහසු රියේ අසුන්ගන්වලා කේශ් විශ්නිට කිව්වම කෙල්ලත් පිටිපස්සෙන්ම නැගලා අහස්‍යාගේ අතින් අල්ලා ගත්තා. ඒක දැකලා කේශ් දෙන්නා දිහාම බැලුවේ ඔරවගෙන..
දැන් එතකොට මං ඩ්‍රයිවර්?
හරි හරි හලෝ... මගේ සුද්දා එනවා කිව්වා.. එයාව මගින් ගත්තම හරි.. යමුකෝ හලෝ කටවහගෙන.
නිම්... එහෙනං පරිස්සමට ඉන්න හරිද?
අයියෝ... හරි හරි අනේ.. මං ඕනතරම් මෙහෙම ඉදලා තියෙනවා. අනික ගාඩ්ස්ලත් ඉන්නවනේ.. මං ගැන නෙවෙයි.. අපේ මැනික ගැන බලන්නකෝ...
අද නිම්ගේ නෑදෑයො කට්ටියක් හවස එනව කිව්ව නිසා නිම් ගෙදර නැවතුනේ කෙල්ලට නිදහසේ ඉන්න ඉඩ සලසමින්. මොකද කෙල්ල ගෙදර හිටියොත් එන අයගේ ප්‍රතිචාර මොන වගේ වෙයිද? සහ කෙල්ලගේ ප්‍රතිචාර කොහොම වෙයිද කියල හිතල නිම්නාමයි විශ්නිට කතා කරලා එන්න කියල මේ අදහස දුන්නේ..
ඉතිං කිව්වත් වගේම දිහේන්, විශ්නිගේ පෙම්වතාවත් මගින් ගමනට එකතු කර ගත්තා..
නංගි... මේ ඉන්නේ මගේ වෙන්ඩ හබී දිහේන්... එයා අයියගේ යාළුවෙක් හරිද? පෙරේදා තමා මෙහෙට ආවේ මේ රිලවත් එක්ක වැඩ කරන්න..
මේ චූටි...
අම්මපා සුදූ උඹටත් මූව ඇවිස්සුවේ නැත්නං නින්ද යන්නේ නෑ නේ..
ඉතිං නංගියා... මං දිහේන් අකලංක දිසාසේකර. මාත් මේකා වගේම ඩී අයි ජී තමා හරිද? ඔයා ගැන නං මම දන්නවා. ආකාශ් මගෙත් යාළුවා. මේ දෙන්නත් කියලා කියලම දැන් ඔයා ගැන හොඳට දන්නවා..
හෑ....
මං ආව එක අවුල්ද?
අනේ නෑ අයියා.. එහෙම අවුලක් නෑ. විශ්නි අක්කිත් හැමදාම මාව බලන්න ආවම ඔයා ගැන කියනවා. අද ඉතිං දෙන්නට නිදහසේ කතා කරන්න පුළුවන්නේ..
හ්ම්... ඒක තමා.. කාලෙකින් මෙයාව දැක්කෙත්.. කොහේද මේ මස්සිනා කියල එකෙක් ඉන්නවා කිසි කමකට නෑ.. පුස් නාම්බා වගේ ඉදගෙන බැරියර්මයි දාන්නේ.
එමෙ කියලා කට ගන්න උනේ නෑ කේශ් කාර් එක පාර අයිනට කරලා නවත්තලා දිහේන් දිහා ඔරවලා බැලුවා.
මොකද යකෝ..
බැහැපං...
මොකක්?
බැහැපං... මස්සිනාගේ තරම කියල දෙන්න..
අඩෝ... මෙන්න මේ යමන් බන්.. තොට විහිළු ඇලජික් උනාට මේ පිටිපස්සේ ඉන්න කෙල්ලො දෙන්න විහිළු දන්නවනේ. උඹ ඉතිං විහිළුවක් කරලා හිනා වෙන්නේ නැති එකේ උඹ විහිළුවක් වෙලාවත් අනිත් අයව හිනාගස්සපන්.. පිනක් යකෝ ඒක..
දිහේන් ඒක කිව්වෙම පිටිපස්ස බලලා හිනාවෙවී..
අනේ මේ දිහේන්... ඔයාට දැං අපේ අයියව ජෝකර් කෙනෙක් වගේද පේන්නේ.. යනව යන්න මෝඩයා. එන්න එපා අයියට එකේක ඒවා කියන්න.. ඔයා ඕවා ගනන් ගන්න එපා අයියා.. අපි යං අනේ..
අම්මේ... මගේ සුදූට කේන්ති ගිහිං..
මේ යමන් යමන්.. ජෝක් බං ජෝක්..
මේ දෙන්නා හිටියෙ නැත්නං මං තොට ජෝක් පෙන්නනවා.
යමන් යමන්..
හතර දෙනාම රණ්ඩු වෙවී හිනා වෙවී බීච් එකටම ආවා.
කාර් එක පාක් කල ගමන්ම විශ්නි ඉක්මනට ගියේ වීල් චෙයාර් එක ගන්න.. ඒත් කේශ් විශ්නිව නැවැත්තුවා..
චූටි.. එපා. මං නංගිව අරන් එන්නං. වීල් චෙයාර් එක මේ වැල්ලේ එරෙනවනේ. බීච් එකට ඇවිත් ඒකෙ වාඩි වෙලා ඉන්න බෑනේ.. ඔය දෙන්නා යන්න..
අයියා ඒත්...
අපි යමුකෝ සුදූ.. කේශ් නංගිව අරන් එයි. ඌ කිව්ව දේ ඇත්තනේ.
දෙන්නා එක්ක යද්දි අහස්‍යා නම් හිටියේ බය වෙලා.
කේශ් පිටිපස්සේ දොර ඇරලා කෙල්ලව දෝතට ගත්තා..
කෙල්ල නම් එකසිය ගානට ගැහෙනව.. ඒත් කේශ් කෙල්ලට ඇස් වලින් පෙන්නුවේ කෙල්ලගේ උකුලේ තිබ්බ කාර් කී එක.
කෙල්ල ඒක බලලා ආයෙම කේශ් දිහා බැලුවා.
ලොක් කරන්න
කේශ් කියද්දි කෙල්ල කී එක අරගෙන කාර් එක ලොක් කලා. කේශ් කෙල්ලවත් දෝතෙ තියාගෙන ඇවිදගෙන ගියේ බංකුවක් ලඟට.
කෙල්ලව බංකුවෙන් තියලා කේශ්නුත් එහා පැත්තෙන් වාඩි වුනා..
අයියා...
ම්ම්....
ඔයත් රැල්ල පාගලා එන්න...
එතකොට තමුසෙව මෙතන තනියම තියලා යන්න කියලද මට ඔය කියන්නේ..
කේශ් ඒක ඇහුවෙත් සුපුරුදු නපුරුකමින්මයි
කෙල්ලව ගැස්සිලා ගියා..
මන් නිසා අයියා මෙතනට වෙලා ඉන්න එපා..
පන්ඩිතයා නොවී ඉන්නවකෝ..
කෙල්ල කේශ්ට හිතිං බනිනවා හෝ ගාලා..
ඕකට කෑ ගහන්න ඕනයෑ. හිමින් කියන්න බැරිද මං ගියාම ඔයා තනියමනේ නංගි කියලා.. හැව් හැව් ගාලා කෑ ගහන්නේ.. හෝ හපුට්ටා..
දැං ඔය මට බනින එක නතර කරනවා.. අනික එක එක නම් කියාගෙන එන්න එපා හරි.. දත් ටික බඩට යවනවා..
කෙල්ල ඒකටත් ගැස්සුනා..
හිත් නියවන්නත් පුළුවන්ද මේ බූරුවට..
කෙල්ල එක එක වෙලාවට එක එක නම් වලින් කේශ්ගේ පළු අරිනවා.
තමුසෙ වගේ අය හිතනවා කියන්නෙත් හයියෙන් කියන එකටද?
හෑ...?
හෑ නෙවෙයි... හිතින් හිතනවා කටින් හිතන්නේ නැතුව...
ඒ.. ඒ... කියන්නේ..
ඒ කියන්නේ තමුසේ හිතින් හිතපු ටික කටින් කිව්ව නිසා.
කෙල්ලගේ මූණම රතුවුනා කේශ් එහෙම කිව්වම නං. කෙල්ල තමන්ගෙම හිමට ඇනගත්තා තමන්ගේ මොංගල් වැඩ වලට..
ටික වෙලාවක් එහෙම ඉද්දි කෙල්ලගේ සද්දයක් නැති නිසා කේශ් බැලුවේ මොකද කියලා..
To be continued෴
💧💧💧💧💧💧💧💧💧💧💧💧💧💧💧💧
ඔන්න ඊලඟ කොටසත් ගෙනාවා. පරක්කු උනාට සමාවෙන්න..
අදහස් කියාගෙනම යන්න වස්තුලා. ලයික් එකක් දාලා ඔයාලට කතාව ගැන දැනෙන දේත් කොටාගෙනම යන්න.
ස්ටිකර් කමෙන්ට් නං එපා🙏🙏🙏
ස්නේහාගේ පන්හිඳෙන්✒️
Comments
Post a Comment