දෙව්දුවයි_නුඹ
🚫🚫🚫🚫
©කතෘ අවසරයකින් තොරව මෙහි අඩංගු කිසිවක් උපුටා ගැනීම, වෙනත් මාධ්‍යයන්හි
(වට්ස්ඇප්, වයිබර්, ටෙලිග්‍රැම්, හෙලකුරු ආදී කිසිදු මාධ්‍යයක), ෆේස්බුක් සමූහ වල පල කිරීම හෝ සම්පුර්ණයෙන් තහනම්. 🚫🚫🚫🚫
02 Episode
රවීන්ද්‍ර සූරියවංශ මහතාට සිටි එකම දරුවා රොහාන් සූරියවංශ. ඔහුගේ දරුවන් දෙපල
තමයි ආකාශ් හා අහස්යා. ඔවුන්ගේ මව කැමීලියා ෆර්ඩිනන්ඩ් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක්.
ඇයටද තම පවුලෙන් උරුම දේපල රාශියක් තිබුනා. ඒ සියල්ලේ අවසන් උරුමය ලැබුනේ ආකාශ්ට සහ
අහස්යාට. මොකද කැමීලියාගේ මවත් පියාත් ඇගේ එකම සොහොයුරාත් ඔවුන්ගෙ පවුලත් කැමීලියාත්
රොහානුත් පැමිණි ගුවන් යානයේමයි පැමිනියේ. ඉදින් ඒ සියල්ලන්ම එම අනතුරින් මිය ගියේ
අහිංසක දරුවන්ට සිය මුත්තනුවන් හැර අනෙක් ඥාතීන් සියල්ලන්ම අහිමි කරමින්.
එතැන් පටන් සූරියවංශ මහතා තම මුණුපුරාත් මිණිපිරියත් රැක බලාගත්තා. මව්පිය දෙපාර්ශවයෙන්ම
උරුම මහා ධනස්කන්ධය ඔවුන් නිසි වයසට එලැඹෙන තුරුම පාලනය වුයේ සූරියවංශ මහතා අතින්.
නමුත් අවාසනාවන්ත ලෙස ඔහුද සිය පුතුගේත් ලේලියගේත් අභාවයෙන් පස්වසරක් ඉක්ම යද්දි
මෙලොව හැර ගියේ අහස්යාගෙ මෙන්ම මහා ධනස්කන්ධයේ සියලු වගකීම් ආකාශ්ගේ කරමත පටවමින්.
එතැන් පටන් ඔහුගේ මුළු දිවියම වුනේ අහස්යා.
✼✼✼✼✼✼✼✼✼✼✼✼✼✼✼✼✼✼✼✼✼
මචන්... මෙ තියෙන්නේ නංගිගේ කාර් එක.
කේශ් පෙන්නුවේ පොලිස් ස්ථානය පසෙක ඇති අහස්යා ගමන් ගත් රථයයි.
එය දුටුවනම ආකා්ශ්ගේ මුළු ගතම වෙවුලා ගියේ එය කුඩු වී තිබූ අයුරට ඇය ජීවත් වීමත්
හාස්කමක් ලෙස සිතමින්.
මචන් මේ...
හ්ම්.. යමන් ඇතුලට.
ඔහුගේ කුටිය තුලට පිවිසි කේශ් , එහෙමත් නැත්නම් ඩී අයි ජී කේශව රණසිංහ තමන් පිටුපස පැමිනි
නිලධාරියා ලවා අහස්යාගේ අනතුර පිලිබඳව විමසුවා.
සර්.. මිස් අහස්යාගේ ඉන්සිඩන්ට් එක වුනු හරියේ පාරෙ නං කිසිම CCTV එකක් නැහැ. ඒත්
ඒ ඉස්සරහම තියෙන කම්පියුටර් ෂොප් එකේ සයිඩ් එකට වෙන්න තියෙන එකම එක cctv කැමරා එකක සිද්ධිය
රෙකෝඩ් වෙලා තියෙනවා. ඒ හරියේ වෙන කිසිම තැනක cctv නැහැ. ඒ ෂොප් එකත් සති දෙකක ඉඳලා වහලා
තිබිලා තියෙන්නේ අද උදේ තමයි රෙපෙයාර් වලට ඇරල තියෙන්නේ.
හ්ම්.. ඒ ෆූටේජ් ගත්තද?
ඔව් සර්.. මේ තියෙන්නේ ඒක.
ඉතාමත් අවධානයෙන් එය නරඹපු කේශ්ගේ දෑත් මිට මෙලවුනා.
මචන්.. නංගි අද ඇයි ඒ ## පාරේ ගියේ? කීයටද ගෙදරින් ගියේ?
එයා අද ගියේ ඔෆිස් මීටින් එකකට බං. ඔෆිස් එකෙන් ගියේ දෙකට විතර. අපි දෙන්නම
එකටමයි ඔෆිස් එකෙන් එලියට ආවේ. අපි දෙන්නම ලන්ච් එක අරගෙන එයා මීටින් එකට ගියා. මං
ගෙදර ආවා.
එතකොට එයා මීටින් එක ඉවර වෙලා උඹට කතා කලාද?
ඔව් බං. කේන්තියෙන් හිටියේ. එලියට ආපු ගමන් මට කතා කලා. ඒත් මට හේතුව හරියට
කිව්වේ නෑ. ගෙදර ඇවිත් කියන්නං කිව්වා. සෑහෙන්න කේන්තියෙන් හිටියේ. මං එයාව රිලැක්ස්
කරලා පරිස්සමට ගෙදර එන්න කියලා ෆෝන් එක තිබ්බා.
එතකොට එයා ෆාමසි එකට ගියේ?
ආ..? ඉන්න ඉන්න.. පුතාට පොඩි රෑෂ් එකක් ඇවිත් බෙහෙත් වගයක් ගානවා. ඒක ඉවරවෙලා තිබ්බ
නිසා එන ගමන් ගේන්න කිව්වා එයාට.
වෙන මුකුත් ගේන්න කිව්වද? මං අහන්නේ අතරමග නවතින්න කියලා එහෙම?
නෑ බං. එයාට මොනවහරි ගන්න ගියාද දන්නේ නෑ.
ඒත් මචන් බෙහෙත් එක ගන්න ගිහින් මං හිතන්නේ නිම්ට කතා කලා. මන් කන්ෆර්ම් කරගෙන
උඹට කියන්නම්.
ආකාශ් නිම්ට ඇමතුමක් ගන්නා අතර කේශ් නැවතත් cctv දර්ශන බලන්නට වුනා.
ඔව් මචන්. නිම්ට කතා කරලා අහලා තියෙනවා ඒ ක්‍රීම් එකේ ලොකු එකක්ද පොඩි එකක්ද
ඕනෙ කියලා. ඒ කතා කරලා වැඩි වෙලාවක් යන්න නැතුව ඇති පොලිසියෙන් කෝල් එක එද්දි.
හ්ම්..
මේක මර්ඩර් එකක්.
මොකද්ද? ඒත් කාටද එහෙම දෙයක් කරන්න ඕන වුනේ? මගේ අහිංසකී එක්ක කාටද තරහක් තියෙන්නේ?
මෙහෙමයි මචන්. මට ඒක හරියටම කියන්න බෑ. ඒත් මට කියපංකෝ නංගි මීටින් එකට ගියේ
කොහෙද කියලා?
එයා ගියේ ජේසන් එකට බං.
ජේසන්?
හ්ම්..
හරි.. මං මේකට ෆුලි ඉන්වොල්ව් වෙනවා මචන්. මෙතනින් එහාට මම මේ ගැන බලාගන්නං.
උඹ දැන් මොනා හරි කනවද?
නෑ මචන්.. මාව මගේ පන ලඟට එක්ක පලයන්.. මට එයා ලඟ ඉන්න ඕන. වෙන.. වෙන මුකුත්
එපා මචන්.. අම්මියි තාත්තියි මට ඉතුරු කරලා ගියේ එයා විතරයි බං. ප්ලීස්...
හරි.. යමන්. මන් උඹව හොස්පිට්ල් එකට දාන්නම්.. යමන්.
අඩ හෝරාවක් යද්දි ආකාශ් නැවතත් හිටියේ රෝහලේ. ඔහු කෙලින්ම ගියේ අහස්යා බාරව
ඉන්න වෛද්‍යවරයා වෙත.
ඩොක්ටර්...
ඔව් පුතා... එන්න.
ඩොක්ටර්... මගේ නංගිව මට ප්‍රයිවට් එකකට මාරු කරගන්න පුළුවන්ද?
හ්ම්...
මැදිවිය පසුකරමින් වුන් වෛද්‍යවරයා සිය උපැසි යුවල ගලවමින් බැලුවේ ආකාශ් දෙස..
පුතා.. එයාගේ සිටුවේශන් එක තවම ඒ තරම් හොද තත්ත්වයක නැහැ. එයාව එහෙම එහෙ මෙහෙ
කරන්න බැහැ. දැන්මම මට එහෙම දේකට අවසර දෙන්න බැහැ. අපි බලමු. තව දවස් දෙකක් විතර බලමු.
එයා මේ දවස් දෙක ඇතුලත අවදි නොවුනොත් මම ඔයාට අවසර දෙනවා. මොකද පැය හතලිස් අටක් යනකන්
අපිට මුකුත්ම කියන්න බැහැ.
හ්ම්.. ඒත්... මට එයා ලඟ ඉන්න ඕන.. අනේ ඒ මගේ පන ඩොක්ටර්....
මට පුතාව තේරෙනවා. ඒත් මේක ගවර්මන්ට් හොස්පිට්ල් එකක්. ඉන්න දෙන්නේ නෑ කියල
දන්නව නේද? ඔයාට ඉන්න වෙන්නේ ICU එක ලඟ පුටුවේ තමා. ඒත් මන් හිතන්නේ හොඳම දේ ඔයා දැන් ගෙදර
යන එකයි.
බැහැ බැහැ. මට බැහැ.
එසේ පවසමින්ම ආකාශ් වෛද්‍යවරයාගේ කුටියෙන් පිටව ගොස් නැවතත් ICU එකේ කවුළුවෙන් බැලුවේ
යන්ත්‍ර රැසකට වටවී තම දිවි රැකගන්න මහත් සටනක යෙදෙන තමන්ගේ පන දිහා..
එහෙමම ඔහුගේ මතකය දිව ගියේ අතීතයට......
දෙමව්පියන්ගේ අභාවයෙන් පසුව ඇය සිටියේම ආකාශ්ගේ තුරුලේ. සත් වියැති ඇයට ඒ පිලිබද
දැනීමක් නැහැ. ඇය දින ගනනාවක් හඬා වැටුනා මවත් පියාත් ඉල්ලා. ඒ අඩුව පුරවන්නට වුයේද
පහලොස්වියේ පසුවූ ආකාශ්ටම වෙද්දි, ඔහුද මනසින් කඩා වැටුනා. නමුත් අසීරුවෙන් සිත ශක්තිමත් කරගත්තේ
සිය සුරතල් නැගනිය වෙනුවෙනි.
අයියේ....
එතැන් පටන් ඇගේ මුවග රැඳුනේ ඒ නාමය පමනි. පවුලේ සුරතලිය වු ඇගේ සෑම දෙයම සිදුවුනේ
මව අතින්. ඇගේ අඩුව පිරවීමට ඔහු බාරගත්තා.
ඇයව සෑම උදයකම අවදි කරවා මුහුන සොදා පිරිසිදු කර කවා පොවා ලැහැස්ති කර පාසලට
ඇරලවන්නේ ඔහුයි. සවසට සිය මුත්තනුවන් ඇයව ගෙදරට ගෙන යනවා. නැවතත් සවස් යාමයේ ඇගේ පාසල්
වැඩ වලට උපකාර කර ඇඟ පත සෝදවා කවා පොවා නිදි කරවන්නේද ඔහුයි. ඔහු නිවසේ නැති අවස්ථාවේ
පමණයි නිවසේ මෙහෙකාරිය ඇගේ කටයුතු සිදු කලේ.
කිසිදු කැත හිතකින් තොරව ඇයව වසර දෙකක්ම ඔහු එලෙසින්ම රැක බලාගත්තා. ඉන්පසුව
ඇයට ඇගේ වැඩ තරමක් කරගත හැකි කාලය එලැඹි විට ඇයට ඒ කටයුතු තනිව කරගන්නට ඉඩහැර ඇගේ අනෙකුත්
වැඩ සහ ඉගෙනීමට ඔහු උපකාර කලා. ඒ කිසිවක් නිසා ඔහු ඔහුගේ අධ්‍යාපන කටයුතු අතපසු කරගත්තේ
නැහැ.
ඈ වැඩිවියට එලැඹි විට පවා ඇයට කිසිවක් කියා දීමට කිසිදු කාන්තාවක් සිටියේ නැහැ
නිවසේ මෙහෙකාරියන් හැරුණු කොට. ඒ වනවිට ඔහුගේ මුත්තනුවන් සිටියේත් රෝගාතුරව. ඉතින්
එයත් ඇයට කියා දුන්නේ ඔහුයි. සිය නැගනියව තම තුරුලේ හොවාගෙන ඇයට ඒ සියල්ල කියාදුන්නා.
කිසිදු අහිතක් කැත හිතක් නැතිව.
ඇගේ මවත් පියාත් දෙදෙනාම වුයේ ඔහුයි. රෝගාතුරව සිටි මුත්තනුවන්ද මෙලොව හැර
යද්දි ඔහු තව තවත් සිය නැගනිය කෙරෙහිම කැප වුනා. ඇගේත් මුළු ලොවම වූයේ ඔහුයි. ඇයත්
ඔහුත් අතර කිසිදු රහසක් වුයේ නෑ. වයසින් වැඩෙත්ම ඇය රෑමත් වෙද්දි ඔහුට දැනුනේ බියක්.
ඒ තම නැගනියගේ ආරක්ෂාව ගැන. ඉදින් ඔහු එක මෙහොතකටවත් ඇයව මග හැරෙන්නට දුන්නේ නැහැ.
ඇගේ පාසලේ මව්පිය රැස්වීමට පවා ගියේ ඔහුයි. ඉදින් ඇගේ පියාත් මවත් ඔහුම බවට
නිසැකයි. ඔහුට ඇය නැගනියක් නොව ඔහුගේම දියනියක්. කෙදිනකවත් ආදරයක් ගැන පවා ඔහු සිතුවේ
නැහැ. නිම්නා හමු වූ විටත් ඔහු ඇයට පැවසුවෙත් සිය නැගනියගේ කැමැත්තකින් තොරව ඇයව සිය
දිවියට ලං කර නොගන්නා බවයි. ඉදින් ඔහු මුලින්ම කලේ සිය නැගනියත් නිම්නාත් මුණගැස්වීමයි.
පුදුමයකට මෙන් අහස්යා නිම්නාට දුටු පමනින්ම කැමැති වීම නිසා ඔවුන් ආදරය කර විවාහ
වුනා. එතැන් පටන් නිම්නා ඇයට මවක් වුනා.
අතීතයේ අතරමන්ව උන් ආකාශ් පියවි සිහියට එලැඹියේ තමන් අසලට පැමිණි තරුණයාගේ හඬින්.
අයියේ.....
මල්ලි..... බලන්න මගේ අහිංසකි.....
ඒ පැමිණියේ අහස්යාගේ පෙම්වතා.. ඔහු රදීව්...
ව්‍යාපාරික මිතුදමක් නිසාවෙන් අහස්යා හඳුනාගත් ඔහුමයි ඇයට යෝජනාවක් ගෙන ආවේ..
ආකාශ්ගෙත් කැමැත්ත හිමි වුන නිසා ඔවුන් පෙම්වතුන් වුනා.
අයියා... අහස්යාට කොහොමද අයියා..
පැය හතලිස් අටක් යනකන් මුකුත්ම කියන්න බැහැලු.
දෙනෙතෙහි නැගුනු කඳුලු වලට ඔහේ ගලා යන්නට ඉඩ හරිමින් ඔහු කිව්වේ කිසිදු හැඟිමක්
නොමැති රදීව්ගේ මුහුණ දෙස බලමින්.
ඔහුත් කවුළුවෙන් ඇය දෙසම බලා සිටිමින් හිඳ අසුන් පේලියෙන් අසුන් ගත්තා.
✼✼✼✼✼✼✼✼✼✼✼✼✼✼✼✼✼✼✼✼✼
දෙදිනක් ගත වූවත් ඇගේ වෙනසක් නොවුනු තැන ඔහු ඇයව පුද්ගලික රෝහලකට මාරු කරගත්තා.
ඒ දෙදින ගත වන තුරුත් කේශ්ට අනතුර පිලිබඳව සාක්ෂි සොයාගත හැකි වුනේ නැහැ.
සතියක් ගත වන විට ඇගේ තත්ත්වය පිලිබද වෛද්‍යවරු දැන්වුවා.
ඒ පුවත ඔහුගේ හද සසල කල තරමක්...
ඇයට නැවතත් ඇගේ දෙපයින් නැගී සිටිය නොහැකි බවයි ඒ....
හද සසල කල තවත් දෙයක් ඔහුගේ සවන් වැකුණා... ඒ ඇගේ අනතුරින් මාස එකහමාරකට පසුවයි.
ඒ රදීව් ඇයව හැරදා යන බව...
ඔව්... රදීව් ගේ වදන් ආකාශ්ගේ හදවත දවා අළු කලා...
අයියේ... මට බැ අහස්යා මැරි කරන්න..
මො... මොකද්ද?
මට බැහැ. මමයි අපේ පවුලේ එකම පිරිමි දරුවා. මට බැහැ අහස්යා මැරි කරන්න. ඩැඩා
මට වෙන මැරේජ් එකක් ඇරේන්ජ් කරලා.
එසේ පවසා ඔහු තවත් යමක් කියන්නට පෙරම එහි පැමිනියේ කේශ්...
මිස්ටර් රදීව්... අපිට ඔබව අත්අඩංගුවට ගන්න වෙනවා..
මොකද්ද?
මිස් අහස්යා සූරියවංශ ඝාතනයට උත්සාහ කිරීම සම්බන්ධව ඔබත් මිස්ට කරුණාරත්නවත්
ඇරෙස්ට් කරන්න වෙනවා. සහන්.. මෙයාව අරගෙන යන්න...
මොකද්ද කේශ් උඹ කිව්වේ..
හ්ම්.. මූයි මුගේ තාත්තයි තමයි ඒක කරවලා තියෙන්නේ...
මොකද්ද කිව්වේ... පාහරයා... උඹ මගේ නංගිට මෙහෙම කරලද යකෝ මගේ නංගිව බඳින්නත්
බෑ කිව්වේ බ## . මං තෝව මරණවා.. කොහොමත් මං තොට දෙන්නේ නෑ මගේ අහිංසකීව.
ආකාශ් රදීව්ගේ ගෙලින් අල්ලාගෙන පහර දෙද්දි නිම්නා එක්ක කේශ් මැද්දට පැනලා ආකාශ්ව
මෙල්ල කරගත්තේ පොලිස් නිලධාරින්ට රදීව්ව රැගෙන යන්නට අණ දෙමින්...
ඇයි බන් මගේ කෙල්ලට එහෙම කලේ....
මචන්... වාඩි වෙයන් මෙතනින්.. මන් කතාව කියන්නං..
තිදෙනාම දැඩි සත්කාර ඒකකය ඉදිරිපිට පුටු පෙලේ වාඩි වුනා..
මචං.. උඹ මට වැදගත්ම දෙයක් කිව්වේ නෑ. මං ඒක පස්සේ නිම්නට කතා කරලා දැන ගත්තේ.
මො..මොකද්ද?
රදීව් එක්ක අහස්යාගේ සම්බන්ධෙ...
මචං ඒක මෙතනට සම්බන්ධ වෙයි කියලා හිතුවේ නෑ මං..
ඒක කෙලින්ම සම්බන්ධයි කියලා දැන් පේනවනේ?
උඹ නොදැන හිටියට ජේසන් එකේ සම අයිතිය රදීව්ට තියෙනවා.
මොකද්ද?
හ්ම්.. මේ ලඟදි ඉඳලා. මොකද කිව්වොත් ජේසන් එකේ හරිම අයිතිය තියෙන මිස්ටර් ඩේව්
ජේසන් ගේ බාල දුව ටීනා ජේසන්ව රදීව් මැරි කරල තියෙන්නේ අවුරුදු තුනකට කලින්.
වට් ආ යූ ටෝකින් අබව්ට් කේශ්?
රිලැක්ස් මචන්.. මං තාම පටන් ගත්තා විතරයි කතාව. ජේසන්ලගේ කම්පැනීස් කීපයක්
තිබ්බට ඒවා උබලගේ තරම් ලෝකෙ පුරාම පැතිරිලා නෑ. ඒත් නිව්සීලන්ඩ් වල ජේසන් මාර ප්‍රසිද්ධයි.
රදීව් නිව්සීලන්ඩ් හිටිය කාලේ තමා ටීනාව හම්බවෙලා තියෙන්නේ. ඉතිං දෙන්නා අතර අෆයාර්
එකක් ඇතිවෙලා. වෙන්න ඕන හැමදේමත් වෙලා. වැඩිය ඕන නෑ ටීනා ප්රෙග්නට් වෙලත් තියෙනවා.
ඒත් ඇබෝෂන් කරවගෙන දෙන්නම එකතු වෙලා.
පස්සේ එහෙදීම මැරි කරලා මිස්ටර් ජේසන්ගේ බලකිරිල්ලට. මැරි කරලා අවුරුද්දකට පස්සේ
ලංකාවට ඇවිත් තියෙන්නේ. මිනිහගේ තාත්තා දැනගෙන ඉඳලා නෑ. ඒක නිසා ලංකාවට ආවම් අහස්යාගෙයි
රදීව්ගෙයි මැරේජ් එක කතා කරලා. මූත් කැමති වෙලා. ටීනාට කියල තියෙන්නේ තාත්තගේ බලකිරිල්ලට
කතා කරනවා, මේකෙන් බේරෙන්න බලනවා කියලා.
දැනට ඔය ටික තමා හොයාගෙන තියෙන්නේ. මේ ටීනාගෙන් දැනගත්ත ටික. නංගි කියල නැද්ද
කවදාවත් රදීව් කොහොම කෙනෙක්ද කියලා?
එයා රදීව්ට මාර විදියට ආදරේ කලා බං. මං ඇරේන්ජ් කරපු එකක් වුනත් එයා රදීව්ට
කැමති වුනා. උඹ දන්නවනේ මං මගේ පනගේ අකමැත්තෙන් මුකුත් කරන්නෑ කියලා. එයා කැමති උන
නිසයි ඒක ස්තිර උනෙත්.
එහෙමත් එකක්ද? නිම්... ඔයාටවත් රදීව්ගේ වැරැද්දක් කියලා නැද්ද?
නෑ අයියේ. හැමදාම ඒ දෙන්නා සතුටින් එහෙ මෙහෙ ගියපු ඒවා තමා කිව්වේ. හිටපු ගමන්
නං මෙයාගේ දඟ වැඩ වලට බැන්නා කියල නං කියල තියෙනවා. ඒ ඇරෙන්න වෙන මුකුත්ම කියලා නෑ.
අනික කවදාවත් සුදු මැනික ආශ්ට මුකුත්ම හංගන්නේ නෑ.. මට වඩා කොහොමත් හැමදේම කියන්නේ
ආශ්ට.
මචන් එදා ජේසන් එකේදි මොකද වෙලා තියෙන්නේ..?
එදා කෙල්ල යද්දි ටීනයි රදීව්නුයි ඉඳලා තියෙන්නෙ. ඒකත් නෝමල් නෙවෙයි. ඉන්න පුළුවන්
අන්තිම කැත විදියට ඉඳලා තියෙන්නේ. ටීනා කිව්ව විදියට නං ටීනා දැනගෙන ඉඳලත් නෑ එදා මීටින්
එකට එන්නේ අහස්යා කියලා. අනික ඒකට යන්න හිටපු මිස්ටර් ජේසන් හදිසියෙම අසනීප වුන නිසා
තමයි ටීනා ඒ මීටින් එකට ඉන්න තීරණය කරලා තියෙන්නේ. අහස්යා කඩාගෙන බිඳගෙන ඇතුලට ගිහින්
තියෙනවා සොරි ෆො මයි ලේට් කියාගෙන. ඒත් ඇතුලේ වෙන දේ දැකල කෙල්ල දෙන්නටම කෑ ගහල ඩීල්
එකත් කැන්සල් කරලා එතනින් ඇවිත් තියෙනවා. ඊට පිටිපස්සෙන් රදීව්නුත් එලියට බැහැලා ගිහින්
තියෙනවා.
මෙතනින් එහාට මේක හරියටම වුනේ කොහොමද කියලා දැනගන්න පුළුවන් දැන්. රදීව්ගෙනුයි
උගේ අප්පගෙනුයි ප්‍රශ්න අහල ඒක මං දැනගන්නං. කොහොමද අහස්යාට?
මගේ පුංචි සුරංගනාවිගේ ජීවිතේම උන් විනාස කරලා බං. ඕකුන් පන පිටින් ඉන්න බෑ.
උඹට බැරි නං කියපං ඒක මමම කරන්නම්. මට කරන්න බැරි දෙයක් නෑ කියල උඹ දන්නවනේ..
මචං.. මං දන්නව උඹට මේ ලංකාවෙ විතරක් නෙවෙයි ලෝකෙම කරන්න බැරි දෙයක් නෑ කියලා.
ඒත් මේක මං මගේ විදියට ඉවරයක් කරනවා. මේ දවස් ටිකේම නිව්ස් වලත් ගියා නංගිගේ ඇක්සිඩන්ට්
එක ගැන.
කියපං බන් මොකද නංගිගේ සිටුවේෂන් එක?
දෙදෙනාම නිහඬව කඳුළු සලනවා හැර කේශ්ට පිලිතුරු නොදුන් නිසා ඔහු බැලුවේ අසල සිටි
කේශ්ගේ ආරක්ෂකයා දෙසයි..
අපේ මිස්ට ආයේ කවදාවත් ඇවිදින්න බැරි වෙයි කිව්වා සර්...
ආරක්ෂකයා පවා කතා කලේ නෙතේ වු කඳුළු සඟවමින්
ව...වට්....? මචන් ආශ්....
ඔව් බං..... මගේ පන... අනේ මගේ සුරංගනාවි... මං මගේ ඇස්දෙක වගේ බලාගත්ත මගේ
කෙල්ලගේ අනාගතේ විනාස කරල තියෙන්නේ මමමයි කේශ් මමමයි... මං මටම සමාවක් දෙන්නෙ නෑ...
මගේ පුංචි කෙල්ල.... අනේ මාව මැරිල යනවනං... අම්මියි තාත්තියි මට පරිස්සමට බලාගන්න
කියලා තියල ගියපු අපේ මැනිකට මෙහෙම උනේ මගේ වැරැද්දෙන්...
ආශ්.... අහපන්... ඒකට උඹ වැරදි නෑ බන්....
නෑ නෙවෙයි... මං තමයි වැරදි.. මට ඊට වඩා හොයන්න තිබ්බා... මගේ පනගේ ජීවිතේ වැදගත්ම
තීරණයක් ගැන මං නොසැලකිලිමත් වෙලා...
ආශ්....
ඒ එක්කම දැඩි සත්කාර ඒකකයේ සිට පැමිණි හෙදියක් කලබලයෙන් ඉවත යද්දි සියල්ලන්ම
කලබල වුනා..
එක් වරම වෛද්‍යවරුන් කණ්ඩායමක් දැඩි සත්කාර ඒකකය වෙත යද්දි ආකාශ් දෙපා වාරු
නොමැතිව ඇද වැටෙන්නට යද්දි කේශ් ඔහුව අල්ලා ගත්තා ..
ම... මගේ.... පොඩි එකීට කරදරයක් නැතුව ඇති නේද බං... අනේ ඒකිට මොනාහරි උනොත්
මං කොහොමද ජීවත් වෙන්නේ....
කෝ නැගිටපං....
බිම දනගසාගෙන හඬන ආකාශ්ව වත්තම් කරගත්ත කේශ් බලා සිටියේද කවුළුව තුලින් පෙනෙන
ඈ දෙසයි. කිහිපවරක්ම විද්‍යුත් කම්පන ලබා දුන්නත් ඈ අවසන නිසල වුනේ වෛද්‍යවරුන්ගේ උත්සාහයන්
නිෂ්ඵල කරමින්.
ඒ සමගම කඩා බිදගෙන දැඩි සත්කාර ඒකකයට ඇතුල් වුනු ආකාශ් වෛද්‍යවරුන් ඉවතට තල්ලු
කරමින් ඇගේ නිසල සිරුර සොලවමින් හඬා වැටුනා...
මගේ මැනික... අයියා ආවා පන... අනේ නැගිටපන්කෝ... මට උ...ඹ විත....රනේ ඉන්...න්නේ
රත්...තරන්.. අයියට ඉන්න බෑ මැනික උඹ නැතුව... උඹ මගේ පනනේ... අනේ දෙයියෝ මේ අයියා
පව් නැද්ද රත්තරන්... මං.. මං... ආ..යේම.. උඹව කා..කාටවත් දෙන්නෑ.. පුංචි කාලේ ව....වගේම
මගේ තුරුල්ලෙම තියා ගන්නං... අයියා දාලා යන්නේ නෑ නේද? කියන්නකෝ... මේ අයියට ඉන්න බෑ රත්තරන්
.... මගේ හුස්මනේ උඹ... උඹ නැතුව මට වෙන කවුරුත් වැඩක් නෑ... අනේ.... නැගිටපන් මයේ
මැනික... මගේ පපුව රිදෙනවා රත්තරනේ.. මට මෙ..ච්ච..ර ලො..කු දඬුවමක් එපා මැනික... උඹ
නැතුව මං කො..හො..මද... ඉ..න්..නේ... අ...අහ්..නේ .....මාව... මැරෙයි රත්තරන්.... කේ..කේශ්....
කියපන්කෝ... ම..මගේ.. මැනිකට නැගිටින්න කියන්නකෝ....
එතැන සිටි සියල්ලන්ගේම නෙත් කඳුලින් වැසී ගිහින්...
ආශ්.....
අන්...නේ... උඹට .... මේ අයියව... එහෙම දාලා යන්න බෑ මැනික.... අම්මියි.. තාත්තියි...
උඹව මට බලාගන්න කිව්වා... අම්මි... අනේ මේ.. ප...පව්කාරයට සමාවෙන්නකෝ... මගේ සුරංගනාවිව
ඔයාල ලඟට ගන්න එපා... එයා..එයා විතරනේ මට ඉතුරු වුනේ.... අනේ... මං... මං.. මගේ පැංචි
නැතුව කො..කොහොමද ඉන්නේ..... මගේ...මගේ..... අතේ එල්ලිලා ඇවිද්ද මගේ පැංචිව මට නැති
කරන්න එපා.... අනේ... ම...මං.. වෙන... වෙන මුකුත්... මුකුත්....ඉල්ලන්..නෑ.. මගේ..
පනව...ආ..ආප..හු...ම...ට...ම...ට...දෙ...න්...න්කෝ.....අ....අනේ....ඩො.... ඩොක්...ටර්...
ඈව අතහැර එවර ඔහු පසෙක සිටි වෛද්‍යවරයාගේ දෙපාමුල වැඳවැටුනා...
අ...අනේ....එ...එයා...එයාව...බේ...රලා...දෙ...න්.....නකෝ....
ඒ එක්කම හඬා හෙම්බත්ව උන් ඔහු සිහිසුන්ව ඇද වැටුනේ සියල්ලන්වම තිගස්වමින්....
ඒත් තවත් අරුමයක්.... මෙතරම් වෙලා අක්‍රීයව පැවති ඇයට සවිකර තිබූ යන්ත්‍ර නැවතත්
ක්‍රියාත්මක වුනා...
අධි රුධිර පීඩනය සහ දින ගනනාවක් පුරා හරි හමන් අහරක් නොලැබීමත් හේතුවෙන් දුර්වලව
උන් ආකාශ්වත් රෝහල්ගත කරන්නට සිදුවුනු අතර මිනිත්තු ගනනාවකට මෙලොව හැර ගිය ඈ නැවතත්
ජීවතුන් අතර....
නිම්නාගේ තනියට කේශ් තම සොයුරියව නවත්වා පිටව ගියේ තවමත් අවසන් නොවූ පරීක්ෂණය
නිමා කිරීමටයි.
නිම්නාද සිටියේ දරාගත නොහැකි පීඩනයකයි. එක් පසෙක තම දියණිය වන්වූ සුරතලිය සිය
දිවිය සමග සටන් වදිද්දි තවත් පසෙක සිය සැමියා රෝහල් සයනයක් මත සිහිසුන්ව. ඈ සිටියේද
දරාගැනීමේ අවසන් කෙලවරයි..
නංගී.....
අක්කා... බය වෙන්න එපා.. අහසිටයි ආශ් අයියටයි දෙන්නටම ඉක්මන්ටම සනීප වේවි..
මට විශ්වාසයි. බය වෙන්න එපා අක්කා...
අනේ මට තේරෙන්නේ නෑ නංගි.. ආශ්ගේ පන මේ.. මන් දන්නවා එයා නැතුව ආශ්ට ජීවත් වෙන්න
බෑ.. ආශ් එයාව හැදුවේ ඇස් දෙකේ තියාගෙන.. හරියට තාත්තා කෙනෙක් වගේ. එයා හැමදාම කිව්වේ
එයාගේ ජීවිතේට කවුරු ආවත් පලවෙනි තැන හැමදාමත් සුදු මැනිකට කියලා. මොකද ඒ ආශ්ගේ පලවෙනි
දරුවා කියලා.. අම්මයි තාත්තයි නැතිවුනාට පස්සේ සුදු මැනිකගේ මුළු ලෝකෙම වුනේ ආශ්.
ආශ්ටත් එහෙමයි. ආශ් මටවත් කැමැත්ත දුන්නේ නෑ එයාගේ සුදු මැනික කැමති වෙනකන්. ඒ වගේම
එදාම එයා මගෙන් පොරොන්දුවකුත් ගත්තා, කවදාවත් සුදු මැනිකට වෙනසක් කරන්නෑ කියලා. එයා වගේම මටත්
ඒ ඉන්නේ අපේම දුවෙක් විදියට හිතන්න කියලා. කවදා හරිම දවසක් එයට මගෙන් වෙනසක් වුනොත්
ආශ් මාව අතාරින්නත් දෙපාරක් හිතන්නේ නෑ කිව්වා..
ඒ පොරොන්දුවටත් වඩා මටත් සුදු මැනිකව මගේම දුවෙක් වගේ දැනුන නංගි.. මං එයාව
මුලින්ම දකිද්දි එයාට අවුරුදු දොලහයි නංගි. හරිම හුරතල් ආදරේ හිතනවා එයාව දැක්ක ගමන්.
දඟ මල්ලක්... අනේ ඒ අහිංසකි මාව තුරුල් කරන් හිටියේ මට කැමතියි කියලා.. මට එයා එක්ක
ඉරිසියාවක් නෑ නංගී.. තමන්ගේ දුවෙක් එක්ක අම්මා කෙනෙක්ට ඉරිසියාවක් නෑ කවදාවත්.. ඒ
මගෙත් දුව. අනික එයා මට කතා කරන්නෙත් චූටි අම්මි කියලා... ආශ් මැරෙයි සුදු මැනිකට මොනාහරි
වුනොත්...
ඒ සමගම දැඩි සත්කාර ඒකකයෙන් පිටතට පැමිණියේ වෛද්‍යවරයායි..
මිසිස් සූරියවංශ...
ඩොක්ටර්...
දරුවෝ... ඔයාගේ මහත්තයා ලොකු හාස්කමක් කලා... ඒ දෙන්නගේ ඒ බැඳීම මරණයටවත් වෙන්
කරන්න බෑ.. බලන්න.. එයා ආයෙමත් ආවා. දැන් බය වෙන්න එපා දරුවො.. ඔයාගෙ නංගි ඉක්මන්ටම
නැගිටීවි. ඊට පස්සේ එයාව ටෙස්ට් කීපෙකට ගන්න තියෙනවා.. ම්.. ම්.. බය නොවී ඉන්න.. හස්බන්ඩ්ටත්
එහෙම ලොකු අමාරුවක් නෑ නේ?
ඔව් ඩොක්ටර්... තැන්ක් යූ සෝ මච් ඩොක්ටර්... එහෙම නෙවෙයි.. ගොඩාක් පිං ඩොක්ටර්...
මේක අපේ රාජකාරිය දරුවෝ.. මටත් ඉන්නව ඒ වයසෙම වගේ දුවෙක්.. ම්.. අම්මා තාත්තා
නැතුව තනියම උස්මහත් කරපු නංගි හරියට දුවෙක් වගේ කියල මං දන්නවා...
එයාව තව ටිකකින් වෝඩ් එකට දායි. තව ටිකක් නෝමල් උනාම.
හරි ඩොක්ටර්..
ඔහු පිටව ගිය පසු නිම්නා අසුන මත ඇද වැටුනේ සැනසුම් සුසුමන් හෙලමින්...
අක්කා.. මං අයියට කතා කරන්නම්...
හරි නංගා.. ඔයා යන්නකෝ...
නිම්නා බලා සිටියේ අහස්යාව සාමාන්‍ය කුටියකට දමන තුරුයි..
එදින සවස් වන විට ඇයව සාමාන්‍ය කුටියකට දමද්දි නිම්නා සැනින් දිව ගියේ ඇය වෙතයි..
ඈ නිසොල්මනේ වැතිර සිටියේ කිසිදු වගක් නොමැතිවාක් මෙනි.
මැනික.... ඉක්මන්ට නැගිටලා චූටි අම්මි කියනකන් මන් බලාගෙන ඉන්නව රත්තරන්...
අනේ මැනික...
මේ අතරතුර ආවේ කේශ්....
නිම්...
අයියේ...
කොහොමද එයාට..?
සිහිය ආවෙ නෑ තාම.. ඒත් ඩොක්ටර් කිව්වා ඉක්මන්ටම සිහිය එයි කියලා.
හ්ම්.. ආශ්ටත් තාම සිහිය ආවේ නෑ.. ඔයා ගෙදර ගිහං ටිකක් රෙස්ට් කරලා පුතා ගැනත්
බලලා එන්නකෝ නංගි.. යන්න..
අනේ අයියා..
දැන් දෙන්නම රිස්කි සිටුවේෂන් එකක නෙවෙයි නේ ඉන්නේ.. හවස් වෙලා එන්නකෝ.. යන්න..
දරුවත් පව්නේ. ඒ අහිංසකයට මේ මුකුත් තේරෙන්නෙත් නෑ නේ නංගි.. යන්න කියනදේ අහලා. අහස්යා
ලඟ ඉඳීවි අපේ නංගි. මං ආශ් ගාව ඉන්නවා..
හ්ම්...
අකමැත්තෙන් උනත් නිම්නා පිටව ගියේ ආශ්වත් බලලා.
To be continued ෴
💧💧💧💧💧💧💧💧💧💧💧💧💧💧💧💧
දෙවනි කොටසත් ගෙනාවා ලමයි.. කියවලා අදහසක් කියාගෙන යන්නකෝ.. ඔයාලගේ ප්‍රතිචාර
මත කොයිතරම් දිගට ලියවෙනවද කියල තීරණය වෙයි. කවර් එක සංජලී විහංගා නංගිගෙන්.
ස්ටිකර් කමෙන්ට් නං එපා ප්ලීස්....🙏🙏🙏
ස්නේහාගේ පන්හිඳෙන්✒️
Comments
Post a Comment